මම වැද්දෙක්ලු
මී වදයක්වත්
කඩල නැති..
කී නුඹ කුමරියක්
කඩු දෙකතුනක්
දීගත්තු..
Saturday, June 9, 2012
හදවතේ පැතුමක්
භවෙන් භවයට
පතාගෙන ආ
සොඳුරු එක හදවතක්
නමින් ඉපැදුන
සොඳුරු හැඟුමක්
අකුරු වුන මොහොතක්
ලොවක් නිදනා
සඳුත් සැඟවුන
අමාවක පෝයක්
මගේ තනියට මා ළඟින් සිටි
තරුවකට කීවත්
හදේ ගැඹුරුම තැනෙක ඉපැදුන
ඒ සොඳුරු හැඟුමන්
පන්හිඳේ තුඩගේ දැවටිලා
ලියූ එක් ගීයක්
සත්සරට ආරාධනා කර
තනුව අහිමි වුනත්
ඉකිබිඳුමකට ඉඩක් නොතියා
තරුව ළඟ උන්නත්
එන්න සුහදිනියේ ගයන්නට
ආදරේ ගීයක්
පුන්සඳක් වන් නූඹ අසල නෑ
මට මාසෙ පෝයක්
ඉකිබිඳුමකට නොදී අවසර
මුමුණමුද මොහොතක්
තරු කුමට මට අහිමි වුව සඳ
යළි එනව පෝයක්
පතාගෙන ආ
සොඳුරු එක හදවතක්
නමින් ඉපැදුන
සොඳුරු හැඟුමක්
අකුරු වුන මොහොතක්
ලොවක් නිදනා
සඳුත් සැඟවුන
අමාවක පෝයක්
මගේ තනියට මා ළඟින් සිටි
තරුවකට කීවත්
හදේ ගැඹුරුම තැනෙක ඉපැදුන
ඒ සොඳුරු හැඟුමන්
පන්හිඳේ තුඩගේ දැවටිලා
ලියූ එක් ගීයක්
සත්සරට ආරාධනා කර
තනුව අහිමි වුනත්
ඉකිබිඳුමකට ඉඩක් නොතියා
තරුව ළඟ උන්නත්
එන්න සුහදිනියේ ගයන්නට
ආදරේ ගීයක්
පුන්සඳක් වන් නූඹ අසල නෑ
මට මාසෙ පෝයක්
ඉකිබිඳුමකට නොදී අවසර
මුමුණමුද මොහොතක්
තරු කුමට මට අහිමි වුව සඳ
යළි එනව පෝයක්
Thursday, June 7, 2012
එපා විකුණන්න දසිස් රාවණ...
අපේකම, මගේකම ඉස්මතු වන්නට පටන් අරන් වැඩිකාලයක් නෑ. පාසැල් ඉතිහාසයට උගත් අපේ පළමු මහරජු විජය. අනේ සංසාරේ.... යන එන මං නෑ. අබා සිනමා කරළියට පිවිසෙන්නෙ විජයට මරණ සහතිකය ලියාගෙනමයි. ඔන්න අපි පටන් ගත්තා අපි ඉන්දීය සම්භවයක් ඇති විජයගේ උන් නෙවෙයි, අපි මේ ලංකාවෙ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අබාගෙ කට්ටිය කියල කියන්න. ඒ අනුව අබාට උප්පැන්න සහතික හැදුවෙත් අපිමයි. උතුරෙ යුද්දෙත් ජයටම කෙරුණ කාලෙ. ඉතිං අපේ කමට මාර ප්ලේස්. සුදුවතට කහ වතට ගරු නම්බු. ගමේ උපාසකලට නම් උණ බම්බු. කමක් නෑ කියමුකො. අපි එහෙම ලේසියෙන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඉතිහාසෙ දිග මදි වගේ දැනුනා. අල්ලගත්ත රාවණාවත්. දැන් පුළුවන්නම් එකෙක් හරි කියපල්ලකො උන්ගෙ ඉතිහාසෙ අපටත් එහා කියල.
කවුද මේ රාවණා? උත්තර දෙන්න අය පෝළිමේ එයි. අපිට ආඩම්බරයක් රාවණා. ඒත් හදිසියේ මතුවෙලා එන මේ රාවණා උන්මාදය ඒ සැබෑ රාවණා වෙනුවෙන්ම නැගෙන හඩක්ද කියල පුංචි හරි සැකයක් ඇතිවෙනව. හරිහැටි හොයල බැලුවොත්, එකම කරුණු ටික අරහෙට මෙහෙට පෙරල පෙරල ඉන්නෙ නැතුව මේ දේවල් ඔප්පුකරල පේන්නන්න මඟක්වත් හදන්නෙ නෑ මේ රාවණා පැටව්. බොහෝ කලකට පෙර මෙහිම විසූ මහා තේජස් දසිස් රාවණා නිරිඳුන්ටත් නිගාවක් මේ දෙවල්. අරහෙන් මෙහෙන් අහුලගත්තු මැජික් කෑලි පෙන්නලා මේව රාවණාගෙ වැඩ කියල බඩගෝස්තරේ හොයාගන්න දඟලන්නෙ නැතුව සැබෑ රාවණා උරුමය සොයා යන්න. හැකිනම් පෙන්වන්න ලොවටම රාවණා අනුහස. එයට අපගේ හදපිරි සුබපැතුම් සහ ආශිර්වාදය. රාවණා නිරිඳුන්ගේ නම ඈඳාගෙන ජයටම කෙරෙන ජෝතිෂ්‍ය කටයුතු, අංගම්පොර, හෙළ වෙදකම් ඇතුළු පුංචි පුංචි බොරු සහ ඒ බොරු පවත්වාගෙන යන සහෘදයණි. තවත් රවටන්න එපා මේ රටේ කිසිවක් නොදන්නා අහිංසකයින්. අපි කවුරුත් ආඩම්බරයෙන් අපි රාවණාගේ දරුවෝ කියන්න සූදානම්. ඔබ සතුව සැබෑ ශිල්ප තිබේනම් මේ ව්‍යාජ රැවටිලිකාරයන් අතරින් සැබෑව ඉස්මතු කරවන්න කාලයයි මේ.

Subscribe to:
Posts (Atom)