Puskole ( පුස්කොළේ )

ලියන්නන්ගේ ලෝකයේ කුරුටුගාන්නෙකුගේ සයිබර් අවකාශාගමනය.

Monday, February 28, 2011

ගුරු බිරිද

Posted by W.G.E.Hemajith at 6:38 PM No comments:

Friday, February 25, 2011

කවුද ගොනා?

Posted by W.G.E.Hemajith at 2:33 AM No comments:

Sunday, February 20, 2011

ඔහු ගිහින්..

Posted by W.G.E.Hemajith at 6:42 PM No comments:

Friday, February 18, 2011

ගංවතුරට පසු..

Posted by W.G.E.Hemajith at 12:51 AM No comments:

Wednesday, February 9, 2011

ඉවසීම..

Posted by W.G.E.Hemajith at 7:13 PM No comments:

Monday, February 7, 2011

Himikaaraya

Posted by W.G.E.Hemajith at 6:45 PM No comments:
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

වැඩි‍දෙනෙක් කියවූ කවි.

  • Maranaya (Death)
  • අන්තිම බිංදුව
    ගැහෙයි හද තවමත් දැවෙයි දෙතොල දිය බිඳුවක් යදියි පසුම්බිය නුඹ, සුසුම් නොහෙලන්න... නෝට්ටුව දී ඇගේ ළමැදට සැහැල්ලුව අත් විඳිමු අපි අද .. කාකි ඇඳු...
  • දෙතිස් වධ...
    අතීතයේ ලංකාවේ රාජ්යැ පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්ව...
  • Karmaya (Every Action Has a Reaction)
  • Werale Adaraya (Love in Beach)
    javascript:void(0)
  • TATA Vs Audi
  • Nisadesa
  • FM Bana (Abusing of Buddhism)
  • Kalana Mithurata (To My Friend)
  • එපා විකුණන්න දසිස් රාවණ...
    අපේකම, මගේකම ඉස්මතු වන්නට පටන් අරන් වැඩිකාලයක් නෑ. පාසැල් ඉතිහාසයට උගත් අපේ පළමු මහරජු විජය. අනේ සංසාරේ.... යන එන මං නෑ. අබා සිනමා කරළියට පි...

සටහන් පටුන ...

@ හෙළ අසුර අධිරාජ්‍යය...
@ විප්ලව වාදියා..
@ කාන්තා දිනය සහ සිරියාවතීලා..

@ දිනපොතේ පිටුවක්..
@ අන්තිම මොහොතට මොහොතකට පෙර..‍
@ බක්මහට කලින් මධු සමය .. (‍හැදින්වීමක්)
@ තවත් දවසක්?...
@ අංගම් (වාර්තා සිනමා පටය හැදින්වීම)
@ සිංහල ඥාති ක්‍රමය .

Contact Us on

Contact Us on
eranga.hemajith@gmail.com
දයාබර මිතුරනි....
ලියන්නට කියන්නට නියමිත රටාවක් තිබේද? මා හ‍ට ඇතිවූ මුල්ම ගැටළුව වූයේ එයයි. දන්නා කියන කිහිපදෙනෙකුගෙන් අසා දැනගත් පරිදි එය එසේ නොවේයැයි පසක් කොට ගතිමි. නමුත් ලියන්නට ගත්තා පමණි... දිගට හරහට මල් සමග ගල් ද එල්ල විය. ඇත්තටම මට රිදුනි. බොහෝසෙයින් රිදුනි. නමුත් මා මෙය අතහැර දැමිය යුතුදැයි මම මගෙන්ම ඇසුවෙමි. නැත... කිසිසේත් ම උවමනා නැත. ඔවුන් මට ගල් ගැසුවේද.. මල් ගැසුවේද.. මගේ ලිවීම ඔවුනට දැනුන බැවින. ඉතින් එහෙනම් මා මෙය ඔවුන් වෙනුවෙන් දිගටම කරගෙන යා යුතුය. ඉතිං අවසරයි ආරාධනාවක් කරන්නට. කියවන්න... හිතෙනවානම් ලියන්නට යමක් එයද ලියන්න.

මම තවමත් ඉගෙන ගනිමි. එය කවදා අවසන් වේදැයි මමවත් නොදනිමි. උපතින් ගෙන ආවානම් හැකියාවක් එය වඩවා ගැනිමට අධ්‍යයනය අවශ්‍යම යැයි මට සිතේ. ඒ මාගේ අදහසයි.

ස්තුතියි.
මම එරංග හේමජිත්.

මගේ ලිවීමේ කලාව

මම මහා උගතෙක් නොවෙමි. එහෙත් මටද සිතක් ඇත. මට ඇති සිතෙන් මම සිතමි. එහෙත් මම චින්තකයෙකුයැයි මම කිසි විටෙක කිසි තැනක නොකියමි.. නොසිතමි. මා ලියන්නට පටන්ගතිමි. ඒවා සමහරුනට මාර ආතල් නිර්මාණ විය. නමුත් ‍සමහරක් උගතුන්ට මගේ නිර්මාණ ගොන් පාට් විය. නිහතමානී උගතුන් මා දිරිමත් කරද්දී කුහක උගතුන් මගේ කකුලෙන් ඇද්දෝය. මමද වැටි වැටී නැගිටින්නට දගලමි. මේ ආ ගමන්මග මා වටහාගත් එක් දෙයක් කියනු කැමැත්තෙමි. ඕනෑම අර්ථවත් නිර්මාණයක් සේම ඕනෑම අර්ථ ශුන්‍ය නිර්මාණයක් ඇගයීමටත් ගැරහීමට ලක්කිරීමටත් මිනිසුන් සිටී. හේතුව ඔවුන් එකිනෙකාගේ රසය විවිධ වීම‍ය. සමහරක් උගතුන් මෙය වටහා නොගැනීම ඔවුන්ගේ අවාසනාවයැයි මට සිතේ. කිසිදා සැබෑ නොවන හීනයක් මා සතුය. එනම් කිසිවෙක් දිනෙක සියල්ලන්ට වැටහෙන අර්ථවත් රසවින්දනාත්මක නිර්මාණයක් කරනු ඇත යන්නයි.

free counters

නිර්මාණ පටුන

  • ►  2016 (3)
    • ►  March (3)
  • ►  2014 (8)
    • ►  March (6)
    • ►  February (1)
    • ►  January (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (3)
    • ►  May (1)
    • ►  April (2)
  • ▼  2011 (50)
    • ►  October (3)
    • ►  September (7)
    • ►  August (1)
    • ►  July (3)
    • ►  June (3)
    • ►  May (10)
    • ►  April (5)
    • ►  March (7)
    • ▼  February (6)
      • ගුරු බිරිද
      • කවුද ගොනා?
      • ඔහු ගිහින්..
      • ගංවතුරට පසු..
      • ඉවසීම..
      • Himikaaraya
    • ►  January (5)
  • ►  2010 (31)
    • ►  December (1)
    • ►  November (4)
    • ►  August (8)
    • ►  July (18)

අප සමග රැදී සිටින අය!

හෙළ අසුර අධිරාජ්‍යය...

එදා හෙළදිව විසූ වැසියන්ගේ ඒකමතයෙන් රාජ්‍යත්වයට, එසේත් නැතිනම් හෙළයන්ගේ නායකත්වයට පත්වූ පළමු රජු මනු නම් වේ. මනු වෛශ්වත යනුවෙන් සංස්කෘතික පොත පතෙහි සඳහන් වන්නේද මොහුය. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ මතයට අනුව, මනු රජු විසින් සිය අගනුවර ලෙස තෝරාගන්නේ මනු+නා+අරම නොහොත් මන්නාරමයි. ආදම්ගේ පාලම නම් ගල් පාලම ද, මුලින්ම මිනිස් ඇට‍කැබලි සහිත බඳුන් සොයාගත් පොම්පරිප්පු ආසන්නයේ ද වන නිසා මෙම මතය අසත්‍යයයැයි එකවරම ඉවත දැමිය නොහැක.

මහාසම්මත මනුගේ පරපුර රජවරුන් 28කගෙන් සමන්විත විය. ඔවුන්නම් මහාසම්මත මනු, රෝජ, වරෝජ, කල්‍යාණ, වරකල්‍යාණ, උපෝසථ, මහමන්දාතු, වරමන්දාතු, චේතිය, චේතියගේ පළමු පුත් දෙවන චේතිය, මේ ආකාරයෙන් පස්වන චේතිය දක්වාද, මහ මුචලින්ද, මුචලින්ද, සාගර සහ දෙවන සාගර, භරත, රුචි, සුරුචි, පතාප, මහා පතාප, පහද, සුදස්සී, නෙරූප, මහා නෙරූප සහ අසිරිමත් ය.

අසුර යනු මෙරට විසු ජන වර්ගයන්ගේ සමූහ නාමයයි. ඒ තුළ ජන වර්ග හතරක් විය. එනම් යක්ක, නාග, රාක්ෂ සහ දේව යන ජන කොට්ඨාස හතරයි. රාමායනයේ හනුමා විස්තර කරන ආකාරයට ලංකාපුරය තිබුනේ මුහුද අයිනේය. සිරගතකර සිටි සීතා සිය කුටියේ ජනේලය විවෘතකළවිට මුහුදු සුළං ඇයට රාම පිළිබඳ ශෝක ගීත ගෙනආ බවද සඳහන් වේ. ප්ලේටෝ විසින් සඳහන් කරන අත්ලාන්තිස් පුරවරය ද ලංකාපුරයට අතිශයින් සමානය. තවද මේ දෙකම අවසානයේ මුහුදට ගිලාබැස ඇත.

විප්ලව වාදියා (කෙටි කතාව - 2011 ජූනි)

ඔහු වැහැරී ගිහින්ය. ඒත් ඒ විප්ලවය නිසානම් නොවේ. විප්ලවය අවසන් වී බොහෝ කල්ය. ඒ විප්ලවය කිසි දිනෙක දිනුවේ නැත. රටට ජනතාවට විප්ලවය දිනනවාට වඩා බඩගින්න ලොකු විය. එනිසාම ඔහුගේ විප්ලවයද පරාජිත එකක් විය.
නැත... එසේ කියන්නට මට සිත් දෙන්නේ නැත. පරාජිතයන් දිනවන්නට කළ විප්ලවය මහා පාවාදීම් සමුදායකින් කෙළවර විය. හරියටම රටේ මුළු ඉතිහාසය පුරාවටම සිද්ධ වූ පරිදිම.
"විප්ලවය කරන්න හවුල් වෙච්ච හාදයෙක්.පොලීසියට අහුවෙලා ගුටිකාල දැන් පිස්සු". පණිවිඩය කියැවුනේ එලෙසය. පෙනුමෙන් ද එලෙසයැයි සිතිය හැක. නමුත් තවමත් ඔහුගේ දෙනෙත නම් තියුණුය. ඔහු නිහඩය. කතා කරන්නට දෙයක් නැති නිසාද නැත්නම් කතාවෙන් වැඩක් නැති නිසාද නම් දන්නේ නැත.
ඈතින් නන්දා මාලනීයගේ ගීතයක අවසන් පදපෙළ මට යාන්තමින් ඇසින. "මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා..". ඔහු තවමත් බලාගත් දිහා බලාගෙනය. මම කෙමෙන් ඔහුට කිට්ටු වුනෙමි. (මතු සම්බන්ධයි)

කාන්තා දිනය සහ සිරියාවතීලා...

තවත් දවසකට සිරියාවතීගෙ ලෝකය‍ට ඉර පායලා. උදේ පාන්දරම ලිප ඇවිලෙන්නෙ පවුලෙ කාගෙත් උදේ ආහාරය වෙච්චි කහට කෝප්පය හදාගන්නයි.සිරියාවතී මාටින්ව කසාද බැන්දෙ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර. අප්පච්චි මැරිච්ච වෙලාවෙ පවුලෙ බර කරට ගන්න පිරිමියෙක් සිරියාවතීලගෙ පවු‍ලට හිටියෙ නෑ. අප්පච්චිත් එක්ක හවුලෙ මුහුදු ගියපු මාටින් සිරියාව කැන්දන් එද්දී සිරියාවතීට වසස දාසයක් දාහතක් වෙන්ඩ ඇති. එදා ඉදල පවුලෙ බර කරට ගත්තෙ මාටින්. මුහුදෙ නොයන හැම දවසකම මාටින්ගෙ තුරුළෙ ඉන්න හීනයක් සිරියාවතීටත් තිබුනා. ඒත් කවදාවත් එළි නොවුන ඒ හීනෙ වයසත් එක්කම සිරියාවතීටත් අමතක වෙලා ගියා.

දින සති අවුරුදු වලින් කාලය ගෙවිල යද්දි සිරියාවතී දරුවො පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක් වෙලා. බාලම එකී නාලිකා ඉපදෙන්න ඉන්දෙද්දි තමයි මාටින් සිරියාවතීට පිටුපාල කාන්තිත් එක්ක දීගකන්න පටන් ගත්තෙ. එදා පොලීසියට යන්න තරම් දැනුමක් සිරියාවතීට තිබුනෙ නෑ. තිබුනත් නඩු කියන්න තරම් වත්කමක් තමන්ට එදා නොතිබුන වග දැන් සිරියාවතී දන්නවා. මාටින් නැතිව පාළුවෙලා ගිය ලණු ඇදට සයිමන් එන්න යන්න පටන්ගත්තෙ ඔන්න ඔය අතරෙයි.

මාටින් වගේ නෙවෙයි සයිමන්. මනුස්සකම ඉහවහා ගිහිල්ලා. සිරියාවතී මුලින් හිතුවෙ එහෙමයි. කවදාවත් මුහුදු නොයන සයිමන් හැමදාමත් සිරියාවතී එක්ක හිටියා. ඒති සයිමන් වැඩිකලක් නොගිහින්ම තමන් කවුද කියන එක සිරියාවතීට පැහැදිළිකරල දුන්නා. " හැමදාමත් මෙහෙම ඉදල හරියන්නෙ නෑ සිරියෝ. මං දන්න සුදුමහත්තුරු කීප දෙනෙක් ඉන්නවා. මං හෙට එක්කන් එන්නම්. එකපාර ගානක් හොයාගන්න පුළුවන්නෙ බං". සයිමන්ගෙ ඒ කතාවට සිරියාවතීගෙ සර්වාංගෙම හිරිවැටිල ගියා. අගහිගකමින් පීඩිත සිරියගේ පහස ලබන්නට සයිමන් කැටුව ආ සුදු මහත්තුරු එදා ඉදල හැමදාමත් පුංචි උන් ඉස්කෝලෙ යනකම් වැටකෙයිය ගාල ළග කැරකෙන එක සාමාන්‍ය දසුනක් වුනා.

දුලීකා, සිරියාවතීගෙ ලොකු කෙල්ල. යාන්තම් ඇහැට කනට පේන්න පටන්ගත්ත විතරයි, ගමේ හයිකාරය ගුණසේනගෙ බැල්ම ඒකීට වැටෙන්න පටන්ගත්ත. සයිමන්ගෙ කීමට පටන්ගත්තු රස්සාවෙන් ඉතුරුකරගත්ත සල්ලිටිකෙන් කෙල්ල ටවුමෙ ඉස්කෝලෙකට දාගන්න සිරියට තවත් දෙතුන් දෙනෙක් එක්කම යහන්ගත වෙන්නත් වුනා. එහෙම කරලත් ගමෙන් කරදරයක් නොවෙන්න ටවුමට පිටත්කරපු එකී කොහේදෝ යන නොසන්ඩාලයෙක් අතින් අනාථ වෙලා බඩකුත් එක්ක ආපහු ගමට එද්දි සිරියාවතීට මොනවනම් හිතෙන්න ඇද්ද.

"පොලීසිවලට ගිහින් වැඩක් නෑ" සයිමන්ගෙ එක උත්තරෙන්ම නීතියෙන් සහනයක් ගන්න තිබුන සිරියාවතීගෙ හිත නැතිවෙලා ගියා. ඒත් වැඩිකල් නොගිහින්ම දුලීකත් එක්ක ඇදට යන සයිමන් දිහි බලාන හූල්ලන්න සිරියට සිද්ධ වුනා. දුලීකගෙ පුංචි එකා දවසින් දවස ලොකු වෙද්දි සිරියගෙ රස්සාව දුලීකට උරුම වුනා.

එදා මහ වැස්ස. උයන්න මොකවත් අරන් එන්න කඩපළට ගිය සිරියා වැස්සෙ තෙමීගෙන ගෙට ගොඩවුනේ අදත් මොකෙක් හරි සුද්දෙක් කාමරේට රිංගලා ඇති කියන සැකෙත් එක්කමයි. ඒත්.... ලේ විලක් මැද වැටිල හිටිය සයිමන් දැකපු සිරියට ඒ ළගම මන්න පිහියත් අල්ලගෙන උන්නු දුලීකව පේනවා යාන්තමට වගේ මතකයි. සිරියාවතීට සිහිය එද්දි සිරියාවතී උන්නෙ මහ ඉස්පිරිතාලෙ. "තමුන්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා, අම්මල දුවල එකතු වෙලා මෙතන අසික්කිත වැඩ කරනව මදිවට දැන් මිනී මරන්නත් පටන් අරන්ද?". ඉස්පිරිතාලෙන් ගෙදර එනව වෙනුවට කෙලින්ම පොලීසියට ගිය සිරියාවතීට දුලීකව දැකපු ගමන් පපුව හෝස් ගාල පත්තු වුනා. " ඒ තිරිසනා මද්දු‍ට කරදර කරන්න හැදුව අම්මේ. මම ඒකව මැරුවා".

හෙට උදේම දුලීකාව උසාවි දානව. පොලීසියෙන් එළියට බැහැපු සිරියාවතී ගෙදරට යන්න බස් එකක් ගන්න බස් ස්ටෑන්ඩ් එකට ගියා. ලස්සනට ඇද පැලදගත්තු නෝනලා කට්ටියක් බස් නැවතුම පුරාම ඉන්න කාන්තාවන් එක්ක කතා කරනවා. "එක්ස්කියුස්මී ආන්ටී... අපි කාන්තා සංවිධානෙකින්. ආන්ටිලා වගේ කට්ටියට ගෙවල් වල තියෙන කරදර ගැන රිසච් එකක් කරනවා. ආන්ටි මැරි කරලද? ආන්ටිගෙ හස්බන්ඩ් ඩ්‍රින්ක්ස් ගන්නවද? එයා ඔයාට ගහනවද? හෙට උදේ නැෂනල් ටීවි එකේ අපේ වැඩසටහනක් යනවා. ආන්ටිත් බලන්න ඕනේ. අපි ආන්ටිලා වෙනුවෙන් හඩක් නගනවා." එක දිගට කියවගෙන ගියපු නෝනා ළගට ආව තව නෝන කෙනෙක් "ෂැල් වී ගෝ ෂානි... ඉට්ස් ටූ හොට් අනේ. වට් ඩස් ෂි ටෙල්". " නතින් මෙන්. ෂි ඩසන්ට් වොන්ට් ද ෆ්‍රීඩම්. ලෙට්ස් ගෝ ඇන්ඩ් හැව් අ කොෆී. ඉස් කමල් කමින් ටුඩේ?". "නෑ අනේ, මම ඒක නැවැත්තුවා. එයා හරිම ට්‍රැඩිෂලන්." මොකුත්ම නොතේරුන සිරියාවතී නෝනලා දෙන්න යන දිහා බලාගෙන හිටියා.
(2011 මාර්තු 11)

දිනපොතේ පිටුවක්...

හීනෙකින්වත් නොහිතපු වෙලාවක ඔයා මගේ ජීවිතයට ආව හැටි මට අද වගේ මතකයි වත්සලා. පංති ඉවර වෙලා ගෙදර යන්න බස් එකට නැන්ග ඔයා වාඩිවුනේ මගේ එහා පැත්තේ සීට් එකේ. අපි දෙන්න වචනයක්වත් කතාකරේ නෑ නේද? ඒත් මම හුගාක් දේවල් කිව්ව ඔයත් එක්ක. ඔයාට ඒව ඇහුනෙ නැත්තේ, ඒ හැම දෙයක්ම මම කිව්වෙ මගේම හිතට නිසා වෙන්න ඇති. ඔයා බස් එකෙන් බැහැල යද්දි මම ඔළුව එළියට දාගෙන ඔයා නොපෙනී යනකම් බලන් හිටිය. මම දන්නව ඔයා ඒක දැක්කෙත් නෑ වත්සලා.

හරියටම සතියකට පස්සෙ පන්ති ඉවර වෙන වෙලාවෙ ඔයා හිටිය ‍යාළුවෝ ගොඩක් එක්ක නුගේගොඩ බෝ ගහ යටට වෙලා. එදා බස්එකේදි නොදැක්ක ලස්සන මම ඈතට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මම තීරණය කරා කවද හරි දවසක ඔයාව මගේම කරගන්නවා කියලා.

ඊළග ඉරිද පන්ති ඉවරවෙන වෙලාවට මගේ කුළුදුල් ආදර හසුනත් අරගෙන මම ඇවිත් හිටිය බස් හෝල්ට් එකට. එදා හරිම අදුරු දවසක්. මුළු පලාතම වහගෙන කළුපාට වලාකුළු බරවෙලා. හරියටම පංති ඉවරවෙන වෙලාවට ඒ වැස්ස කඩාවැටෙන්නට වුනා. පින්කාර වැහි බිංදු ඔයාගෙ ඔය ලස්සන සුදු මූණට හාදු දෙනව මම ඈතට වෙලා දුකෙන් බලාගෙන හිටියා. ඔයාට දෙන්න ගෙනාව මගේ පළවෙනි ආදර හසුන, මගේ සාක්කුව ඇතුළෙම දියකරල දාන්න තරම් ඒ වැහි බිංදු දරුණු වුනා.

මගේ ඊළග උත්සාහය මම ගත්තේ ඒ අවුරුද්දෙ වැලන්ටයින් දවසෙ. මගේ දෙවැනි පෙම් හසුනත් අරන් රෝස මලකුත් අරගෙන මම ආවෙ පන්තිය ළගට, මොනතරම් බලාපොරොත්තු පොදිබැදගෙනද වත්සලා. ඒත් එදා ඔයා පන්ති ආවෙ නෑ. බස් හෝල්ට් එකේ හිටිය මගේ යාළුවෙක් එයාගෙ පෙම්වතිය මුණගැහෙන්න යන්න රෝස මලක් නැතුව දුක්වෙනව මම දැක්කෙ ඒ වෙලාවෙ. අපේ... සමාවෙන්න, මගේ ආදරේ නාමයෙන් මම ඒ මල මගේ යාළුවට පරිත්‍යාග කරා. පහුවදා මාව මුණගැහුන මගේ යාළුවා මට ගොඩාක් පින් දුන්න. ඒ පින් බලෙන්වත් මගේ ආදරේ මට ලැබෙයි කියල මම හිතුව.

අවුරුදු දහයක්ම ගෙවිල ගිහිල්ල වත්සලා.. එදා මම උදව් කරපු මගේ යාළුවා දැන් ළමයි දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්. ඔයා ඒ ළමයින්ගෙ අම්ම. ඔයයි මමයි ඉගන ගත්ත ඉස්කෝලෙ මම අද උගන්වනවා. ඔයා ඔයාගෙ දරුවත් අරන් අද ඉස්කෝලෙට ආව වෙලාවෙ මම ආයෙත් ඒ අතීතයට ගියා. හ්ම්..... දැන් හිත හදාගන්න කාලෙ හරි වත්සලා.
(2011 මාර්තු 03)

අන්තිම මොහොතට මොහොතකට පෙර.

ඉපදීම දුකක් වුවත්, ඒ ගැන මට මතකයක් නැත. නමුත් එය ඉතා වේදනාකාරී එකක් වූ බව, පොඩ් එවුන් දුටු විට මම වටහා ගතිමි. ළමා කල ඇතිවූ ලෙඩ දුක්, මට මෙන්ම මගේ දෙමාපියන්ටද මහත් දුක් දුන් බව මතක ඇති කාලයක සිට මට මතකය. ඉගනීම දුකක් වූ නමුත් අනාගතය පිළිබද සුබ සිහින දකිමින් එය සැපක් කරගන්නට දුක් විදි අයුරු කිසි විටෙක අමතක කරනු බැරිවිය. ජීවිතය පුරාවට ජයෙන් මා ලද සතුට පරාජයෙන් වැසී යනවිට එය මට දරාගත නොහැකි දුකක් විය. සල්ලි නැති විට ඇති උන් දක්ද්දීත්, රණ්ඩු ඇති විට නැති තැන් දකිද්දීත් මගේ සිත පුරා දුක පිරුනි. තරුණ විය එළැඹුනි. එකට සිටිමින් එකිනෙකා අභිබවමින් අපි ජීවිතය පැදගියා මතකයි හෙම්බත් වන තුරුම. ජීවිතයට සහකාරියක් සොයමින්, සොයාගත් එකියක හිමිකරගැන්මට අපි කවුරුත් වින්ද දුක අතිමහත් විය. හිමි වූ පසුත් අහිමි වීම වලක්වාගන්නට අපි දුක් වින්ද අයුරු මතකය. සබදතා ගිලිහුණු විටෙක එය ජීවිතේ ලොකුම දුක හැටියට පිළිගත්තු වාර ද විය. එකට සිටි සමහරෙක් අකාලයේ ජීවිතයෙන් සමුගනිද්දී අපි එකා වන්ව දුක් වූ අයුරු අද මෙන් මතකය. අපි වයසින් වැඩෙද්දී, අපේ මව්පියන් මියගියා මතකයි, එය කොයිතරම් දුකක්දැයි අමුතුවෙන් කිවයුතු නොවෙයි. විවාහ වුන ඇතමුන්, ළමයින් නැතුව දුක්වෙද්දී, හදාගත් ළමයින් වඩන්නට අපි දුක්වින්දා. ඒ දරුවන්ගෙ දුකේදී අපිත් දුක්වූනා. එතැනින් නොනැවතී දරුවන්ගෙ දරුවන් වෙනුවෙනුත් අපි දුක්වුනා. ජීවිතේ මෙතෙක් සිටි සහකරු, සහකාරිය සමුගත් දවසෙ ආයෙත් ඒ දුක අපේ හිත් තුළට රිංගුවා. අන්තිම මොහොත දැන් එළැඹිලා. තනිවම උපන් මම දැන් තනිවම මියෙන්නට සූදානම්. මං වෙනුවෙනුත් සමහරු දුක් වෙනව. තවත් මොහොතකින්, මේ ආත්මෙට දුක අහවරයි.
(2001 මාර්තු 01)

බක් මහට කලින් මධු සමය ...

ඒක අහම්බෙන් සිද්ධවුන දෙයක්ද? නැත්තම් දේවිකා හිතා මතාම වාහනේට පැන්නද? දෙයි හාමුදුරුවනේ... මේ මොන අපරාධයක්ද සිද්ධ වුනේ. ලස්සනට හිටිය පවුලක් වනසලා දාල ඒ කැම්පස් කාරයා පැනල ගියා සර්, මේව සහ ගහන අපරාධ. අසංක, ඔයා තවමත් හිතන්නේ ඒ ඇක්සිඩන්ට් එක ගැනද? ඔයාට තේරෙන්නෙ නැද්ද, මේක අපේ ජීවිතේ වැදගත්ම දවස. මචං අසංක, උඹට තේරෙනවද මම ඉන්න තත්වෙ. මට බෑ දේවිකාට කරදරයක් කරන්න. මම යනව මචං. කවදාවත් දේවිකාට කියන්න එපා මම ඉන්න තැන. දන්නවද අසංක. දේවින්ද නිසා මම අම්ම කෙනෙක් වෙන්න යනව. මට බෑ මේ දරුවට තාත්ත කෙනෙක් දෙන්න. කියන්න මට කොහෙද දේවින්ද? කාවිංගා, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා, ඔව් කියන්න අසංක, මොකද්ද ඔයාගෙයි ඒ මැරිච්ච ගෑණු කෙනාගෙයි අතරෙ තිබුන සම්බන්ධෙ. අද උදේ ඒ පේෂන්ට් නැතිවුනානේ. (2011 පෙබරවාරි 28)
(ළගදීම පුස්කොළයේ දිගහැරෙන කෙටිකතාව)

තවත් දවසක් ?

මේ දවසේ ඉතිහාසය කියන්නට අවශ්‍ය නැත. එය කියන්නට බොහෝ දෙනා ඇත. එහි වත්මන් තත්වය ද කියන්නට අවශ්‍ය නැත. අවශ්‍ය තරමටත් වඩා විචාරකයන් එයටද ඇත. ලංකාවේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ චරිතය අද අතරමං වී ඇත. සමාජයේ පෙම්වතුන් දකින්නේ මහා වැරදිකරුවන් ලෙසටය. තම දරුවන්ට යහමග කියා දෙන්නට වෙර දරන හුගක් අයට ආදර වන්තයන් පෙනෙන්නේ බ්ලූ ෆිල්ම් එකක රගපාන අය ලෙසය. එය එසේ වන්නට හේතු වන, ආදර වන්තයන් ලෙස පෙනී සිටින කාමාතුරයන් නිසාවෙන් සියලු ආදරය කරන්නෝ පව්කාරයන් වී හමාරය. ආදරය කරන යුවලක් පාරක තොටක යනවිට මැදිවියේ හුගදෙනෙක් බනින්නේ ඔවුන්ගේ දෙමාපියන්ටය. නිදහසේ කතාකරන්නට ආදරය කරන්නන්ටම වෙන් වූ තැනක් අප රටේ නැත. ..... (2011 පෙබරවාරි 14)

"අංගම්" වාර්තා චිත්‍රපටය

මෙරට බිහිවූ දේශීය සටන් ක්‍රමවේදයක් වන අංගම් පොර අද වන විට බොහෝ ලාංකිකයන්ට අමතක වී ඇති වටිනා සංස්කෘතික උරුමයකි. ලොව පවතින අති බිහිසුනු ම සටන් ක්‍රමයක් වන මෙය අද දක්වාත් නොනැසී පවත්වාගෙන යාමට මහත් වෙහෙසක් දරණ පුද්ගලයෙක් වශයෙන්, කෝට්ටේ අංගම් මඩුවේ පාරම්පරික අංගම් ශිල්පී ජී කරුණාපාල ගුරුන්නාන්සේ හදුන්වාදිය හැක. ඔහුගේ මුලිකත්වයෙන් අද වන විට මෙම සටන් ශිල්පය ජාත්‍යන්තරයේ ලාංකේය සළකුණ ද තබා හමාරය.

මෙම සටන් ශිල්පය පදනම් කරගනිමින් වාර්තාමය සිනමා පටයක් නිෂ්පාදනය කරන්නටත් ඒ මගින් මෙම සටන් ශිල්පය පිළිබදව ලෝකයට හෙලිදරව් කරන්නටත් වෙහෙසෙන්නා වූ තරුණ අධ්‍යක්ෂක වරයෙක් අපට පසුගිය දා මුණ ගැසුනා. ඔහු නමින් අංජුල රසාංග.

ඔහුගේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න
http://www.facebook.com/pages/Angam/109504555745107

සිංහල ඥාති ක්‍රමය .

මුත්තා.
පියාගේ පියා.
මවගේ පියා.
ආත්තා.
පියාගේ මව.
මවගේ මව.
මාමා.
මවගේ සහෝදරයා.
බිරිදගේ පියා.
පියාගේ සහෝදරියගේ සැමියා.
නැන්දා.
පියාගේ සොයුරිය.
බිරිදගේ මව.
මවගේ සොයුරාගේ බිරිද.
අප්පා, අප්පොච්චා.
පියා
ලොකු අප්පා, ලොකු අප්පොච්චි.
පියාගේ වැඩිමහල් සොයුරා.
පියාට වැඩිමහල්, පියාගේ ඥාති සොයුරා.
මවගේ වැඩිමහල් සොයුරියගේ සැමියා.
කුඩප්පා.
පියාගේ බාල සොයුරා.
පියා‍ට බාල,
පියාගේ ඥාති සොයුරා.
මවගේ බාල සොයුරියගේ සැමියා.
අම්මා, මව්.
මව.
ලොකු අම්මා
මවගේ වැඩිමහල් සොයුරිය
පියාගේ වැඩිමහල් සොයුරාගේ බිරිද
කුඩම්මා
මවගේ බාල සොයුරිය
පියාගේ බාල සොයුරාගේ බිරිද
නෑනා
මවගේ සොයුරාගේ දුව
පියාගේ සොයුරියගේ දුව
බිරියගේ සොයුරිය
මස්සිනා
පියාගේ සොයුරියගේ පුතා
මවගේ සොයුරාගේ පුතා
බිරියගේ සොයුරා
බෑනා
සොයුරියගේ පුතා
දුවගේ සැමියා
ලේලි
සොයුරියගේ දුව
පුතාගේ බිරිය

Total Pageviews


visitor counter

About Me

My photo
W.G.E.Hemajith
Colombo, Colombo, Sri Lanka
කැපිලි කෙටිලි, නැටිලි නැලවිලි අතර වැනිවැනි ... දෙන දෙයක් නැත්නම් හොයාගෙන හරි කාලා... වෙන දෙයක් බලා ඉන්නෙ නැතිව බලා ඉන්න අයට දෙයක් කරල පෙන්නනවා. ගල් මල් ලැබෙනකම් බෙල්ලෙ පොට ගෙවෙනකම් රසිකයො හිඟානොකා...හීනියට අපේ සතුට අපි විඳිනවා. හරිය.
View my complete profile

Followers

Analytics

Watermark theme. Powered by Blogger.