Email මඟින් පුස්කොළේ කියවන්න

Tuesday, September 13, 2011

හිතයි මට...

තටු
සිහිනයක්
පමණද මට..
ඉගිල්ලෙන්නට
වෙරදරන
සිතකට,
උරුම
මහ පොළොව
පමණද..
හති වැටෙනතුරු
ඉගිල්ලෙන්නට
වරම් නැති විට..
හෙළකින් පහලට
පැන,
රක්තවන් රුධිරයෙන්
නැහැවුන
වත සතපවා
මිහිමත,
මියෙන්නට හිතයි
මට..
හාමතේ ඇදවැටී
මියැදෙන්න පෙර
හෙට...

1 comment:

  1. උඹ ඔහොම හිතන තාක් කල්, හති වැටී මියෙනවා හැර වෙන සැපයක් හමු වෙන එකක් නම් නැහැ. මොකද උඹ හතියයි පොළොවේ ආකර්ෂණයයි ගැන හිතනවා විනා, හති මහහැර ගනිමින් පොලව මතින් ඉගිල්ලෙන්න මගක් සොයන්නේ නැති නිසා. සදා දුක, දුකට හේතුව දුකෙහි ගැලීම සහ දුකින්ම සිටීම මත්තේ නහින්නේ නැතුව, දුක නැතිකර ගැනීමේ මාර්ගය හොයාගෙන ඒ දුක නැති කරගනින්. එක කවදාවත් හරි ලස්සන ලේසි පාරක් වෙන්නේ නැති වෙයි., හැබැයි උවමනාව සහ ධ්‍යර්ය තියෙන එකාට ඕක මහා ලොකු කජ්ජක් නෙමෙයි.

    ReplyDelete