Tuesday, May 24, 2011

ඇගෙ පැතුම...

පින්බරයි හැන්දෑව
එකෙක් හරි ආවනම්..
ඒත් කොහෙ ලගින්නද
හැමතැනම පොලීසිය..
රටට පින් කරන්නට
පව්කාර අපි ඉතිං
බඩගින්නෙ වේලෙනව..
ඉන්මනින් අමාවක
ආවනම් හරි හොදයි
හැමතැනම කළුවරනෙ..
මහ මගට එළිය දෙන
ලයිට් කණු වගේ අපිත්
සැප සොයා ඉගිල්ලෙන
උන්ට සැප බෙදනවා..
ඒක වරදක්ද
එහි වරද මට පහදන්න
වරද මගෙ විතරක්ද
පිරිමි තනිකර සුදුද...

2 comments:

  1. ඕක අපේ ආර්ථිකේ තියන වැරැද්දක් ..........

    ReplyDelete
  2. හරිම අර්ථවත් පද පෙලක්...

    ReplyDelete