Monday, April 18, 2011

මහළු කවියා ...

වෙවිලන දෑගිලි
වෙර දරයි
රදවගන්නට
පන්හිද..
මහළු නොවූ
සිත
අමුණන පදවැල්
අකුරු කරන්නට
අතට වාරු නැත..
ගිමන නිවන
සුසානය
පෙනී පෙනී
ජීවිත ගමන කෙළවර..
කවියෙක්
පෙම් බදිනවා
මරණයට සහ කවියට..

1 comment:

  1. ඇත්තටම ලස්සනයි නිසදැස.

    ReplyDelete