Wednesday, April 27, 2011

පුන් පොහොය අතළග

අහස නුඹ
කළු කරන් වත
අමනාපයෙන්වත් ද
හිරු කුමරු සමග...
අවසරයි කියන්නට
සීතලයි වටපිට
උඹෙ කදුළු වැටිලාම
ගංවතුර දැන් මෙහෙට...
අලුත් අවුරුදු දවසේ
පිටුපෑව හිරු කුමරුට
යන්න ඉඩහැර
පෙම් බදිනු මැන
වෙසක් පසළොස්වක සදට...
සංසාර පුරුද්දට
සුදුවතින් සැරසිලා
සදකිරණෙ නැහැවෙන්න
කැමති අපි හැමෝටම...
ඉඩදියන්,
කළු වළා ඉවත්කර
සුපුන් සද දැකගන්න.

1 comment:

  1. නියමයි. මම මේකට අද ආවේ, මම උඹව හොඳටම දන්න එකෙක්ගේ මල්ලී කෙනෙක්.., වෙලාවක කතාවක් දාමු.., කවිය මරු!!
    ජය!

    ReplyDelete