Tuesday, May 3, 2011

මොඩර්න් ගජමන්...

ඇලපාත ඩාලිං
ඔයා දැන් වෙරි බිසිද
අද රෑට සෙට් වෙමුද
දෙනිපිටියෙ ක්ලබ් එකට
අලිනම් නෑ මෙයා
ළගපාත කැලෑවල
වෙපන් එක වැඩක් නැහැ
ප්ලැටුන් එක ඉන්නකොට
හන්දියේ පොඩි එකෙක්
වල් කතාවක් කිව්ව
එකෙක් දෙන්නෙක් යවල
කඩමු දත් දෙකතුනක්
ළගදි ගත් ෆැක්ටරිය
පාඩු පිට පාඩුමයි
සභාවෙන් ඕඩරය
දෙන්නෙ මට කවදාද
මේ වගේ සුබ කතා
දුරකතනයෙන් මොටද
එක රැයක සැතපිලා
විසදමුද මේ අවුල...

2 comments:

  1. මාරම අදහස් සෙට් එකක් .......... එල එල..........

    ReplyDelete
  2. සිරා කවි පොඩ්ඩ..!!

    ReplyDelete